2019 අයවැයෙන් වෙනස් වෙන වාහන මිල ගණන්
මෝටර් රථ වාහන සඳහා අයකරනු ලබන බදු තවදුරටත් ඉහළ නැංවීමට මෙවර අයවැය තුළින් යෝජනා වී තිබේ.
ඒ අනුව වාහන මිල ගණන පහත පරිදි සංශෝධනය වනු ඇති;
පෙට්‍රල් වාහන
සිලින්ඩර ධාරිතාව 800 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර ධාරිතාව 1300 ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් ද වැඩි කෙරෙනු ඇති.
හයිබ්‍රිඩ් වාහන
සිලින්ඩර ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 කින් හා සිලින්ඩර ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000 කින්වැඩි කෙරෙනු ඇති.
විදුලි වාහන
කි.වො. 70 මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රු. 175,000 අඩු කෙරෙනු ඇති.
ත්‍රීරෝද රථ
සිලින්ඩර ධාරිතාව 200 ක් වන ත්‍රීරෝද රථ මක නිෂ්පාදන බද්ද රු. 60,000 වැඩි කෙරෙනු ඇති.